අපි වෙබ් පිටු බලන ආකාරය
සාමාන්‍ය ජීවිතයේදී අපි ඉන්ටර්නෙට් යනව
කියන්නෙ කුමන හෝ වෙබ් අඩවියක වෙබ් පිටුවක් බලන එක නේද? අපි
වෙබ් පිටු බලන්නෙ කොහොමද? වෙන කොහොමද ඉතින් කොම්පුටර් එකට ඩොන්ගලයක් හරි ඉන්ටර්නෙට්
කනෙක්ශන් එකක හරි සෙට් කරල ඊටපස්සෙ Chrome,
Firefox හෝ Internet
Explorer සොෆ්ට්වෙයාර් එකක් ඕපන් කරගත්තම හරි නේ.....
නමුත් අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න
පුලුවන් පරිගණකයකින් විතරද? අපෝ නෑ, ෆෝන්
එකෙන්, ටැබ් එකෙන්, අයි
පෑඩ් එකෙන් , වැඩිය ඕනෙනෑ දැන් ටීවී එකෙනුත්
පුලුවන්.
අපි අන්තර්ජාලය ගැන කතාකරද්දි අපට කතා
නොකරම බැරි වචන ටිකක් තියෙනව අපි ඒව ගැන ටිකක් බලමු.
Web
Browser
අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්නෙ වෙබ් බ්‍රවුසර්
මෘදුකාංගයක් හරහා. වෙබ් බ්‍රවුසර් ගැන අපි මීට කලින් සාකච්ඡා කරල තියෙනව. අපිට
වෙබ් අඩවියකට යන්න ඕනනම් අපි එම වෙබ් අඩවියේ ලිපිනය එහෙම නැත්නම් වෙබ් URL (Universal Resource Locator) එක අපේ වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න ඕන. උදා:- www.google.lk , www.facebook.lk ,
www , www.guru.lk
මෙම වෙබ් බ්‍රවුසර් නිපදවන ආයතන
කාලයෙන් කාලයට නව ගුනාංග වලින් යුත් වෙබ් බ්‍රවුසර් සංස්කරණ (Versions) නිකුත්
කරනව. නමුත් අපි වටහා ගන්න ඕන එලෙස නිකුත් කරන සෑම නව සංස්කරණයක්ම වෙබ් බ්‍රවුසර්
භාවිතා කරන අය ලබා ගන්නෙ නැති වග. ඒක නිසා අපට සිදුවෙනව වෙබ් අඩවියක් එකම වෙබ් බ්‍රවුසර්
වර්ගයේ විවිධ සංස්කරණයන් සමඟ ක්‍රියාත්මක වන ආකාරය ගැන පවා සොයල බලන්න.
Web Server
අපේ වෙබ් බ්‍රවුසර් එකට වෙබ් අඩවියක ලිපිනය
ලබාදුන් විට වෙබ් බ්‍රවුසර් එක එම ඉල්ලීම
අන්තර්ජාලයේ ඇති විශේෂ පරිගණකයකට යවනව මොකද එම පරිගණකයේ අපි ඉල්ලුම් කරන වෙබ්
අඩවිය ගබඩා කර ඇති නිසා. මෙම පරිගණක සාමාන්‍ය පරිගණක වලට වඩා ගොඩක් බලසම්පන්නයි.
ඒව 360 x 7 x 24 කාලයක් වැඩ. ඒ කියන්නෙ කවදාවත් ඕෆ් කරන්නෙ නෑ. මාරයි නේ.
අපි වෙබ් අඩවියක් තනල ඉවර වෙලා ඒක වෙබ්
සවර් එකක තැන්පත් කලාට පස්සෙ තමයි අපේ වෙබ් අඩවිය ලෝකයාට බලන්න පුලුවන් වෙන්නෙ.
ඒකට කියනව වෙබ් අඩවිය Host
කරනව කියල. හැබැයි මෙකෙදි අපි server එකෙන්
යම් ඉඩක් යම් මුදලක් ගෙවා මිලදී ගන්න ඕන.
වෙබ් Server පවත්වාගෙන යන කොම්පැනි කීපයක් :- Hostgator, godaddy
තවත් කරුණු සඳහා http://en.wikipedia.org/wiki/Web_hosting_service
Domain
මේක පැහැදිලි කරන්න මම පොඩි වෙබ් ලිපිනයක් ගන්නම්
www.google.com
මෙය ගූ ගල් සමාගමේ වෙබ් ලිපිනය. මෙයට කියන්නෙ URL
එකක් කියල.
.com කියන්නෙ ඩෝමේන් එක. එහෙම නැත්නම් මෙම ලිපිනයට අන්තර්ජාලය තුල යම්
විශයකට ඇති අයිතිය හා බැදීම පෙන්වන වචන ඛාන්ඩය. ඩෝමේන් නේම් සකස් කරන්නෙ Domain Name System එකේ විධි විධාන වලට අනුවයි. ඩෝමේන් නම් රටවලට හා විෂයන් අනුව වෙන්කරල
තියෙනව. .com කියන්නෙ වානිජ වෙබ් අඩවි වල ඩෝමේන් එක. .lk කියන්නෙ
ලංකාවෙ හොස්ට් කරන අඩවි වල ඩෝමේන් එක. මේ වගේ ගොඩක් නම් තියෙනව.
අපි වෙබ් අඩවියක් හොස්ට් කරද්දි මෙලෙස ඩෝමේන් නමක්ද
සහිතව Host Name එකක් මිලට ගන්න ඕන.
උදාහරණයට අනුව host name එක www.gogle.com කියන එක.


No comments:
Post a Comment