Thursday, May 24, 2012

හැදින්වීම.... (Part I)


අතීතය........
අන්තර්ජාලය අපි හිතනවට වඩා පරණයි. 1960 දශකයේ තමයි එකිනෙක අන්තර්සහගෝගීතාවයෙන් ක්‍රියාත්මකවන ලෝකය පුරා ව්‍යාප්ත ජාලයක් ගැන කථාබහ පටන්ගත්තෙ. ඊට පස්සෙ 1969 දී පළමු අන්තර්ජාල සම්ප්‍රේෂනය අමෙරිකාවෙදි සිදුවුනේ.
ඊට පසුකාලිනව සර් ටිම් බර්නස් ලී ඇතුලු කණ්ඩායම ලෝක ව්‍යාප්ත ජාලය (WWW) සකස්කිරීම වගේ වැඩ කටයුතු ගොඩක් සිදුවනා. නමුත් 1993 දී Web  Browser එක හදුන්වාදිමත් සමඟ web design & development ගැනත් කතිකාව ආරම්භ වනවා. වර්ථමානය වනවිට මිලියන 100කට වඩා වෙබ් අඩවි ප්‍රමාණයක් අන්තර්ජාලය පුරා පවතින්නේ Web Browser යට පින් සිදුවන්න තමයි.


අන්තර්ජාලය හා ලෝක ව්‍යාප්ත ජාලය.......

අන්තර්ජාලය හා ලෝක ව්‍යාප්ත ජාලය
අන්තර්ජාලය හා ලෝක ව්‍යාප්ත ජාලය යනු එකක්ද? නැත, අන්තර්ජාලය යනු පරිගනක එකිනෙක සම්බන්ද කර ලෝකය පුරා පැතිරී ඇති පරගණක ජාලයකි. එලෙස අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති පරිගණක තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ආකාරයන් ගණනාවක් භාවිතා කරයි. (ඊමේල් යැවීමට එක් ආකාරයකුත්, ෆයිල් හුවමාරුවට තවත් ආකාරයකුත් ලෙස) එලෙස අන්තර්ජාලය තුල තොරතුරු හුවමාරු කිරීමේ එක් ආකාරයක් ලෙස ලෝක ව්‍යාප්ත ජාලය හැදින්විය හැකිය.
අන්තර්ජාලය යනු ලොකු පොතක් නම් එහි එක් පි‍ටුවක් WWW එකයි.



WebBrowser............
WebBrowser එකක් යනු වෙබ් අඩවි ගවේශනය කරන හා වෙබ් පි‍ටු නිවැරදිව දර්ශනය කරනු ලබන ඔබේ පරිගනකයේ ස්ථාපිත මෘදුකංගයකි. එය මගින් සරල කාර්යයන් 2ක් ප්‍රධාන වශයෙන් ඉ‍ටුකරයි. 1. ඔබ වෙබ් ලිපිනය ලබාදුන් විට එම වෙබ් පි‍ටුව සර්වර් පරිගනකයකින් ඉල්ල සිටී.
2. එම පි‍ටුවේ අන්තර්ගතයන් ලද වහාම වෙබ් පි‍ටුව rending කර පරිශීලකයාට පෙන්වයි. එනම් සර්වර් එකෙන් ලැබෙන අක්ෂර අඩංගු ලියවිල්ලට සැකසුම් උපදෙස් (formatting instructions) ලබාදී එම ලියවිල්ල චිත්‍රක ආකාරයට පත්කරයි.



WebBrowserයක් ‍තෝරා ගැනීම..........
WebBrowserයක් ‍තෝරා ගැනීම වැදගත් සාධකයකි. මන්දයත් වෙබ් අඩවි හොදින් දර්ෂනය කරන යවත්කාලීන වන web Browser එකක් වෙබ් ගවේශනය සඳහා ඉතා යෝග්‍ය වන නිසාය. නමුත් ඔබ web design & development කරයි නම් දැනට ඇති සියළුම Web Browser හැකිතාක්  ස්ථාපනය කරගැනීම යෝග්‍යය. එසේ කලයුත්තේ එකම වෙබ් පි‍ටුව Web Browser කිහිපයක් අතර දර්ශනය වීමේ යම් වෙනස් වීම් හදුනා ගැනීමටය.
ලෝකයේ අන්තර්ජාල ගවේශකයන් බාවිතා කරන Web Browser එකිනෙකාට වෙනස්ය. (වර්ථමාන Browser market Shares මෙතැනින් බලන්න.) එමනිසා පරිශීලකයා කුමන Web Browser  එක භාවිතා කලත් ඔබේ වෙබ් පි‍ටු එම Web Browser  අතර වෙනසක් නොවී එකම ආකාරයට දර්ශනය වනසේ සැකසිය යුතුය (Cross Browser compatibility).

වර්ථමානයේ Web Browser  ගණනාවක් දක්නට ලැබේ.


1. Internet Explorer (IE) - Microsoft සමාගම මගින් නිපදවනු ලබන වැඩිම පිරිසක් භාවිතා කරන Web Browser  එකයි. (මගේ යාළුවෙක් කිව්ව IE තියෙන්නෙ Fire fox download කරගන්න විතරයි කියල.) නමුත් නවමු හැකියාවන්ට update වීම අතින් ඉතා මන්දගාමී Web Browser  යකි. Download Here



2. Firefox -  Mozilla පදනම මගින් සකස් කරයි. මෙය Open Source මෘදුකාංගයකි. Gecho නම් Rendering Engine එක භාවිතා කරයි. ආරක්ෂාව අතින් ඉහල Web Browser එකකි. Download Here



3. Google Chrome - Google සමාගම මගින් සකස්කර ඇති වේගවත් හා ඉක්මනින් යාවත්කාලීන වන නවතම Web Browser එකකි. web kit නම් Rendering Engine එක භාවිතා කරයි.  Download Here



4. Safari - Apple  සමාගම මගින් නිපදවා ඇති Apple පරගණක සඳහා ලබාදෙන Web Browser එකකි.  web kit නම් Rendering Engine එක භාවිතා කරයි.  Download Here



5. Opera - Opera සමාගම මගින් සකස් කරයි. වැඩි වශයෙන් ජංගම උපාංග වල භාවිතා වේ.  Download Here

තවත්  Web Browser ගණනාවක් ඇත. නමුත් ඒවා අතරින් ඉහත  Web Browser ප්‍රධාන කොට සලකයි.

හිතට ගන්න........
1. වෙබ් සම්මතයන් (Web Standards) සමග කටයුතු කිරීම තුලින්  Web Browser මගින් නිවැරදිව වෙබ් පි‍ටුව rend කිරීම සහතික විය හැක. (ඉදිරියේදී සාකච්ඡා කෙරේ)
2. ඔබේ වෙබ් පි‍ටු  Web Browser  ගණනාවක Test කරන්න.

බලාපොරොතුවෙන් ‍රැදීසිටින්න............
Image Sources - A B C D E F 

Sunday, May 20, 2012

ඇරඹුමම කඳුලක් නොවීමට වගබලා ගමු.............


වෙබ් අඩවියක් නිර්මාණයට කලින් ඔබ සපුරා ගත යුතු අවශ්‍යතා කීපයක් මා මේ මගින් පෙන්වා දෙන්නම්.

ඔලුව උඩින් පත්තුවන බලුප් එකක්

1. වෙබ් නිර්මාණකරණය ඉගෙන ගැනීමට ඇති නොසංසිදෙන ආසාව.
2. ලත් තැනම  ලොප් කර නොදමා ඉදිරියට යාමට ඇති ආත්ම විශ්වාසය
3. නිර්මාණශීලීත්වය
4. ක්‍රියාත්මක තත්වයේ ඇති ඉදිරියටද එලෙසම පවතීයැයි විශ්වාස කල හැකි පරිගණකයක්.
5. පරිගණකය භාවිතය පිළිබඳ මූලික දැනුම.

අතිශය නවීන පරිගණකයක්

ඔබ සතුව පැවතීම අපට ප්‍රමාණවත්ය.......

බලාපොරොතුවෙන් ‍රැදීසිටින්න............
Image Sources - Google image results
                               01
                               02

සාරාංශය......................



වර්ථමානයේ අන්තර්ජාලය ගැන නොදන්න කෙනෙක් නෑ. අපේ සීයලා පවා දැන් 365 දවසෙම FB chat තමා කොරන්නේ. 
සීයා FB chat එකකට සෙට් වෙලා

අපේ මිනිස්සු ඔවුන්ගෙ අදහස් දක්වන්න, නොදන්න දෙයක් ගැන සොයල බලන්න, යාලුවො ඇසුරු කරන්න, සල්ලි හොයන්න වගේ ගොඩක් දේවල් වලට අන්තර්ජාලය භාවිතා කරනව. වැඩිය ඕනෙ නෑ email, google, facebook වගේ වචන පාරෙ හිටියත් අපට දවසකට එකසිය එක් වාරයකට වඩා ඇහෙනව නේද?
ඉතින් මේ වාගේ ගොඩක් බලසම්පන්න සේවයක් වගකීමෙන් භාවිතා කිරීම ගැනත් අපි හොදට හිතට ගන්න ඕන (Great Power comes with Great Responsibility)......
හරි කොහොම හරි කමක් නෑ අපි කතා කරමු කොහොමද වෙබ් අඩවියක් නිර්මාණය කර එය දියත් කරමින් පවත්වාගෙන යාම පිළිබඳව.

අපේ සාකච්ඡාවේ සාරාංශය.....

  • වෙබ් පි‍ටු සැකසීම - HTML (Hyper Text Markup Language) නම් නිල වෙබ් භාෂාව භාවිතයෙන් වෙබ් පි‍ටුවේ සැකිල්ල තැනීම.
  • වෙබ් පි‍ටුවට හැඩ වැඩ දැමීම - CSS (Cascading Style Sheet) කේත මගින් වෙබ් පි‍ටුවේ සැකිල්ලට මාංශපේශි එක්කර වෘත්තීය නිමැවුමක් බවට පත් කිරීම.
  • වෙබ් පි‍ටුවට පණ පෙවීම - JavaScript කේතයන් මගින් පරිශීලකයා වෙබ් පි‍ටු සමඟ ගනුදෙණු කරන ආකාරය එම පි‍ටුවේ උපාංග වල ක්‍රියාකාරීත්වය සැකසීම.
  • සමාජ ගත කිරීම- වෙබ් පි‍ටුව අන්තර්ජාලයට එක් කිරීම.
  • පිරිස ගෙන්වා ගැනීම - සෙවුම් යන්ත්‍ර මගින් තොරතුරු සොයන පරිශීලකයන් වෙත ඉක්මනින් ඔබේ වෙබ් අඩවිය ලඟා කරවීම. (SEO - Search Engine Optimization)
  • වෙබ් මෘදුකාංග තැනීම - වර්ථමානයේ බොහෝ වෙබ් අඩවි සාම්ප්‍රදායික මාවතෙන් බැහැරව web applications ලෙස ක්‍රියාකරයි.

බලාපොරොතුවෙන් ‍රැදීසිටින්න............

Image Source - Google image result