Sunday, August 5, 2012

වෙබ් අඩවි සැකසී ඇති අයුරු....



සියළුම වෙබ් අඩවිවල වෙබ් පි‍ටු HTML හා CSS භාවිතයෙන් සැකසී ඇත. නමුත් CMS පද්ධති (එනම් Wordpress,joomla,durpal)  හා Blog අඩවි එම මිශ්‍රණයට තවත් කිහිපයක් එකතුකරයි.

අප දකින දේ.....

ඔබට වෙබ් පි‍ටුවක් බ්‍රවුසරය තුලින් ලබාගත් විට ඔබ දකින්නේ වෙබ් සර්වර් එකේ සිට ඔබේ පරිගණකයට Download වූ HTML,CSS කේත කොටස් වෙබ් බ්‍රවුසරය මගින් සකස් කර (Rending/Interprete) පෙන්වන පි‍ටු සැකසීමයි. බොහෝ වෙබ් පි‍ටු පින්තූර, ඇනිමේශන්, වීඩියෝ, හා ශබ්ධය යන අන්තර්ගතයන්ද සහිතව සැකසී ඇත. එමෙන්ම JavaScript කේත කොටස්ද අඩංගුය.
බොහෝ කුඩා ප්‍රමාණයේ වෙබ් අඩවි HTML,CSS,JavaScript වලින් සැකසී ඇත. නමුත් යම්තරමක් විශාල වෙබ් අඩවි (Joomla ,Wordpress,Blogger) වෙනත් භාශා (PHP,ASP.net, Java, Phython, Ruby, XML) භාවිතා කලත් එම භාශා කේත කොටස් මගින්ද සකස් කරනුයේ HTML,CSS කේතයි.

නව ප්‍රවනතා.....

වර්ථමානය වනවිට HTML5, CSS3 යන නව සංස්කරණයන්ද භාවිතා වෙමින් පවතී. මෙම වෙබ් තක්ෂණයන් සැකසීම හා රීති සම්පාදනය කරනුයේ W3C හෙවත් World Wide Web Cosortium නම් ආයතනයක් විසිනි. (http://www.w3.org/
නමුත් එම සංස්කරණයන් තවමත් සංවර්ධනය වෙමින් පවතින නිසා බොහෝ වෙබ් බ්‍රවුසර් නිපදවන්නන් එම තාක්ෂණයන්ගේ ඇතැම් කොටස් සඳහා  තම නිෂ්පාදනයන් සහාය දක්වනසේ සකස්කර නව වෙබ් බ්‍රවුසර් සංස්කරණයන් එලිදක්වයි. එම නිසා ඔබේ වෙබ් බ්‍රවුසර් සෑම විටම යාවත්කාලීන (Update) කරන්න.



Saturday, August 4, 2012

වෙබ් අඩවි ක්‍රියාත්මක වන ආකාරය



ඔබ ඔබේ උපාංගයේ වෙබ් බ්‍රවුසර් එකේ වෙබ් අඩවියක ලිපිනය ටයිප් කල විට සිදුවන ක්‍රියාකාරකම් මෙසේය,

ඔබ ලබා දුන් වෙබ් ලිපිනයට අදාල වෙබ් අඩවිය ලොව කොහේ හෝ වෙබ් සර්වර් එකක තැන්පත්ව ඇත. එම වෙබ් සර්වර් එක සොයා ගැනීම සඳහා ඔබේ වෙබ් බ්‍රවුසර් එක මුලින්ම DNS (Domain Name Server) එකට සම්බන්දවේ.  එහිදී DNS හැසිරෙනුයේ දුරකථන නාමාවලියක් මෙනි. එනම් ඔබ ලබාදෙන ලිපිනයට අදාල සර්වර් එකේ IP (Internet Protocol වැඩි විස්ථර පහතින් දක්වා ඇත. ) ලිපිනය නැවත ඔබේ බ්‍රොව්සර් එක වෙත ලබාදේ.

ඉන් පසු එම IP Address එක් මගින් පරිගණකය විසින් වෙබ් සර්වර් එකෙන් අදාල වෙබ් අඩවියේ තොරතුරු ඉල්ල සිටී.

ඉන්පසු වෙබ් සර්වර් එක එම වෙබ් පි‍ටුවේ කොටස් ඔබේ බ්‍රවුසර් එකට ලබාදේ.

ඔබේ බ්‍රවුසර් එක එම කොටස් සකස් කර (Rending the web page) ඔබට පෙන්වයි.

අම්මෝ යන දුරක් නේ.... කොච්චර දුර ගියත් අපි ඇසිපිය ගසන පමාවෙන් වෙබ්පි‍ටුව බ්‍රවුසර් එකේ පෙන්නනව නේ. හැබැයි අපේ net connection එක slow නම් ඇසිපිය 108 වාරයක් විතර ගහන්න වෙයි.

ඔන්න ඔතනදි කියන්න ඕන වෙබ් අඩවිය කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ එය බලන  අයගෙ Connection speed slow නම්. එහෙම උනොත් වැඩි දවසක් යන්න කලින් Load වෙන්න ගොඩක් වෙලාව ගන්න අපේ සයිට් එකට කිසිවෙක් එන්නෙ නැති තත්වයක් උදා වේවි. ඒක හින්ද web design & developing කරන අපි අවදානය යොමු කරන්න ඕන  Connection speed slow පරිශීලකයන්ටත් වැඩි කාලයක් නොගෙන වෙබ් අඩවිය Load වෙන ආකාරයට වෙබ් අඩවියේ පින්තූර හා කොටස් සකස් කරන්න. මේකට කියනව Optimize  කරනව කියල.

ඔන්න ඔහොමයි වෙන්නෙ........


( IP Address එක යනු ඉලක්කම් තුනේ කාණ්ඩ 4 කින් යුත් අන්තර්ජාලයට සම්බඳ සැම උපාංගයකටම හිමි එම උපාංගයටම අනන්‍ය වූ ලිපිනයකි.උදා:- 255.255.255.255  මෙය තොරතුරු හුවමාරු කිරීමට උපාංගයන් හදුනා ගැනීම සඳහා භාවිතා කරයි. වැඩි විස්ථර - http://en.wikipedia.org/wiki/IP_address )


හැදින්වීම II




අපි වෙබ් පි‍ටු බලන ආකාරය

සාමාන්‍ය ජීවිතයේදී අපි ඉන්ටර්නෙට් යනව කියන්නෙ කුමන හෝ වෙබ් අඩවියක වෙබ් පි‍ටුවක් බලන එක නේද? අපි වෙබ් පි‍ටු බලන්නෙ කොහොමද? වෙන කොහොමද ඉතින්  කොම්පුටර් එකට ඩොන්ගලයක් හරි ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක හරි සෙට් කරල  ඊටපස්සෙ Chrome, Firefox  හෝ Internet Explorer සොෆ්ට්වෙයාර් එකක් ඕපන් කරගත්තම හරි නේ.....
නමුත් අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුලුවන් පරිගණකයකින් විතරද? අපෝ නෑ, ෆෝන් එකෙන්, ටැබ් එකෙන්, අයි පෑඩ් එකෙන් , වැඩිය ඕනෙනෑ දැන් ටීවී එකෙනුත් පුලුවන්.

අපි අන්තර්ජාලය ගැන කතාකරද්දි අපට කතා නොකරම බැරි වචන ටිකක් තියෙනව අපි ඒව ගැන ටිකක් බලමු.

Web Browser 

අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්නෙ වෙබ් බ්‍රවුසර් මෘදුකාංගයක් හරහා. වෙබ් බ්‍රවුසර් ගැන අපි මීට කලින් සාකච්ඡා කරල තියෙනව. අපිට වෙබ් අඩවියකට යන්න ඕනනම් අපි එම වෙබ් අඩවියේ ලිපිනය එහෙම නැත්නම් වෙබ් URL (Universal Resource Locator) එක අපේ වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න ඕන. උදා:- www.google.lk , www.facebook.lk , www , www.guru.lk
මෙම වෙබ් බ්‍රවුසර් නිපදවන ආයතන කාලයෙන් කාලයට නව ගුනාංග වලින් යුත් වෙබ් බ්‍රවුසර් සංස්කරණ (Versions) නිකුත් කරනව. නමුත් අපි වටහා ගන්න ඕන එලෙස නිකුත් කරන සෑම නව සංස්කරණයක්ම වෙබ් බ්‍රවුසර් භාවිතා කරන අය ලබා ගන්නෙ නැති වග. ඒක නිසා අපට සිදුවෙනව වෙබ් අඩවියක් එකම වෙබ් බ්‍රවුසර් වර්ගයේ විවිධ සංස්කරණයන් සමඟ ක්‍රියාත්මක වන ආකාරය ගැන පවා සොයල බලන්න.

Web Server 

අපේ වෙබ් බ්‍රවුසර් එකට වෙබ් අඩවියක ලිපිනය ලබාදුන් විට වෙබ් බ්‍රවුසර්  එක එම ඉල්ලීම අන්තර්ජාලයේ ඇති විශේෂ පරිගණකයකට යවනව මොකද එම පරිගණකයේ අපි ඉල්ලුම් කරන වෙබ් අඩවිය ගබඩා කර ඇති නිසා. මෙම පරිගණක සාමාන්‍ය පරිගණක වලට වඩා ගොඩක් බලසම්පන්නයි. ඒව 360 x 7 x 24 කාලයක් වැඩ. ඒ කියන්නෙ කවදාවත් ඕෆ් කරන්නෙ නෑ. මාරයි නේ.
අපි වෙබ් අඩවියක් තනල ඉවර වෙලා ඒක වෙබ් සවර් එකක තැන්පත් කලාට පස්සෙ තමයි අපේ වෙබ් අඩවිය ලෝකයාට බලන්න පුලුවන් වෙන්නෙ. ඒකට කියනව වෙබ් අඩවිය Host කරනව කියල. හැබැයි මෙකෙදි අපි server එකෙන් යම් ඉඩක් යම් මුදලක් ගෙවා මිලදී ගන්න ඕන.
වෙබ් Server පවත්වාගෙන යන කොම්පැනි කීපයක් :- Hostgator, godaddy
තවත් කරුණු සඳහා http://en.wikipedia.org/wiki/Web_hosting_service

Domain 

මේක පැහැදිලි කරන්න මම පොඩි වෙබ් ලිපිනයක් ගන්නම්
www.google.com මෙය ගූ ගල් සමාගමේ වෙබ් ලිපිනය. මෙයට කියන්නෙ URL  එකක් කියල.
.com කියන්නෙ ඩෝමේන් එක. එහෙම නැත්නම් මෙම ලිපිනයට අන්තර්ජාලය තුල යම් විශයකට ඇති අයිතිය හා බැදීම පෙන්වන වචන ඛාන්ඩය. ඩෝමේන් නේම් සකස් කරන්නෙ Domain Name System එකේ විධි විධාන වලට අනුවයි. ඩෝමේන් නම් රටවලට හා විෂයන් අනුව වෙන්කරල තියෙනව. .com කියන්නෙ වානිජ වෙබ් අඩවි වල ඩෝමේන් එක. .lk කියන්නෙ ලංකාවෙ හොස්ට් කරන අඩවි වල ඩෝමේන් එක. මේ වගේ ගොඩක් නම් තියෙනව.
අපි වෙබ්  අඩවියක් හොස්ට් කරද්දි මෙලෙස ඩෝමේන් නමක්ද සහිතව Host Name එකක් මිලට ගන්න ඕන.
උදාහරණයට අනුව host name එක www.gogle.com  කියන එක.

Friday, August 3, 2012

අමතර වදනක්......


HTML,CSS ඉගෙනගන්න ඔබට අන්තර්ජාලයෙන් ඕනෑ තරම් ලිපි, පාඩම්, පොත් හොයා ගන්න පුළුවන්. නමුත් බොහෝ විට ඒවා කියවන්න කම්මැලි හිතෙන ආකාරයේ ඒවා වනුඇති. නමුත් අපේ මේ උත්සාහය ඔබට ආසාවෙන් වෙබ් ඩිසයින් ඉගෙන ගන්න පාර පෙන්නන්නයි.
ඔබ ඇතැම් විට වෙබ් ඩිසයිනර් කෙනෙක්ගෙ පරිගණක තිරය දැකල ඇති, හැම තැනම පිරිල ඇත්තෙ තේරුමක් නැති වචන වලින් හැඩ වලින්, ඒත් ඔබ ඔහු ඒ නිර්මාණය කරපු වෙබ් අඩවිය දෙස බලන්න කොච්චර ලස්සනද ...... මාරයි කියල හිතේවි. ඉතින් ඇයි ඔබ මාර වැඩක් කරන්න ඉගෙන ගන්නෙ නැත්තෙ.
වෙබ් අඩවියක් තනන්න ඔබ programmer කෙනෙක් වෙන්න ඕනැ. ඔබ තේරුම් ගන්න ඕන HTML,CSS ක්‍රියාත්මක වෙන ආකාරය විතරයි. ඊට පස්සෙ ASP,PHP,JS,jQuery,Ruby වගේ තවත් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔබට සිත් ඇදගන්නා සුළු වෙබ් අඩවි නිර්මාණය කිරීමටත් හැකියාව ලැබෙනව.

Thursday, May 24, 2012

හැදින්වීම.... (Part I)


අතීතය........
අන්තර්ජාලය අපි හිතනවට වඩා පරණයි. 1960 දශකයේ තමයි එකිනෙක අන්තර්සහගෝගීතාවයෙන් ක්‍රියාත්මකවන ලෝකය පුරා ව්‍යාප්ත ජාලයක් ගැන කථාබහ පටන්ගත්තෙ. ඊට පස්සෙ 1969 දී පළමු අන්තර්ජාල සම්ප්‍රේෂනය අමෙරිකාවෙදි සිදුවුනේ.
ඊට පසුකාලිනව සර් ටිම් බර්නස් ලී ඇතුලු කණ්ඩායම ලෝක ව්‍යාප්ත ජාලය (WWW) සකස්කිරීම වගේ වැඩ කටයුතු ගොඩක් සිදුවනා. නමුත් 1993 දී Web  Browser එක හදුන්වාදිමත් සමඟ web design & development ගැනත් කතිකාව ආරම්භ වනවා. වර්ථමානය වනවිට මිලියන 100කට වඩා වෙබ් අඩවි ප්‍රමාණයක් අන්තර්ජාලය පුරා පවතින්නේ Web Browser යට පින් සිදුවන්න තමයි.


අන්තර්ජාලය හා ලෝක ව්‍යාප්ත ජාලය.......

අන්තර්ජාලය හා ලෝක ව්‍යාප්ත ජාලය
අන්තර්ජාලය හා ලෝක ව්‍යාප්ත ජාලය යනු එකක්ද? නැත, අන්තර්ජාලය යනු පරිගනක එකිනෙක සම්බන්ද කර ලෝකය පුරා පැතිරී ඇති පරගණක ජාලයකි. එලෙස අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති පරිගණක තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ආකාරයන් ගණනාවක් භාවිතා කරයි. (ඊමේල් යැවීමට එක් ආකාරයකුත්, ෆයිල් හුවමාරුවට තවත් ආකාරයකුත් ලෙස) එලෙස අන්තර්ජාලය තුල තොරතුරු හුවමාරු කිරීමේ එක් ආකාරයක් ලෙස ලෝක ව්‍යාප්ත ජාලය හැදින්විය හැකිය.
අන්තර්ජාලය යනු ලොකු පොතක් නම් එහි එක් පි‍ටුවක් WWW එකයි.



WebBrowser............
WebBrowser එකක් යනු වෙබ් අඩවි ගවේශනය කරන හා වෙබ් පි‍ටු නිවැරදිව දර්ශනය කරනු ලබන ඔබේ පරිගනකයේ ස්ථාපිත මෘදුකංගයකි. එය මගින් සරල කාර්යයන් 2ක් ප්‍රධාන වශයෙන් ඉ‍ටුකරයි. 1. ඔබ වෙබ් ලිපිනය ලබාදුන් විට එම වෙබ් පි‍ටුව සර්වර් පරිගනකයකින් ඉල්ල සිටී.
2. එම පි‍ටුවේ අන්තර්ගතයන් ලද වහාම වෙබ් පි‍ටුව rending කර පරිශීලකයාට පෙන්වයි. එනම් සර්වර් එකෙන් ලැබෙන අක්ෂර අඩංගු ලියවිල්ලට සැකසුම් උපදෙස් (formatting instructions) ලබාදී එම ලියවිල්ල චිත්‍රක ආකාරයට පත්කරයි.



WebBrowserයක් ‍තෝරා ගැනීම..........
WebBrowserයක් ‍තෝරා ගැනීම වැදගත් සාධකයකි. මන්දයත් වෙබ් අඩවි හොදින් දර්ෂනය කරන යවත්කාලීන වන web Browser එකක් වෙබ් ගවේශනය සඳහා ඉතා යෝග්‍ය වන නිසාය. නමුත් ඔබ web design & development කරයි නම් දැනට ඇති සියළුම Web Browser හැකිතාක්  ස්ථාපනය කරගැනීම යෝග්‍යය. එසේ කලයුත්තේ එකම වෙබ් පි‍ටුව Web Browser කිහිපයක් අතර දර්ශනය වීමේ යම් වෙනස් වීම් හදුනා ගැනීමටය.
ලෝකයේ අන්තර්ජාල ගවේශකයන් බාවිතා කරන Web Browser එකිනෙකාට වෙනස්ය. (වර්ථමාන Browser market Shares මෙතැනින් බලන්න.) එමනිසා පරිශීලකයා කුමන Web Browser  එක භාවිතා කලත් ඔබේ වෙබ් පි‍ටු එම Web Browser  අතර වෙනසක් නොවී එකම ආකාරයට දර්ශනය වනසේ සැකසිය යුතුය (Cross Browser compatibility).

වර්ථමානයේ Web Browser  ගණනාවක් දක්නට ලැබේ.


1. Internet Explorer (IE) - Microsoft සමාගම මගින් නිපදවනු ලබන වැඩිම පිරිසක් භාවිතා කරන Web Browser  එකයි. (මගේ යාළුවෙක් කිව්ව IE තියෙන්නෙ Fire fox download කරගන්න විතරයි කියල.) නමුත් නවමු හැකියාවන්ට update වීම අතින් ඉතා මන්දගාමී Web Browser  යකි. Download Here



2. Firefox -  Mozilla පදනම මගින් සකස් කරයි. මෙය Open Source මෘදුකාංගයකි. Gecho නම් Rendering Engine එක භාවිතා කරයි. ආරක්ෂාව අතින් ඉහල Web Browser එකකි. Download Here



3. Google Chrome - Google සමාගම මගින් සකස්කර ඇති වේගවත් හා ඉක්මනින් යාවත්කාලීන වන නවතම Web Browser එකකි. web kit නම් Rendering Engine එක භාවිතා කරයි.  Download Here



4. Safari - Apple  සමාගම මගින් නිපදවා ඇති Apple පරගණක සඳහා ලබාදෙන Web Browser එකකි.  web kit නම් Rendering Engine එක භාවිතා කරයි.  Download Here



5. Opera - Opera සමාගම මගින් සකස් කරයි. වැඩි වශයෙන් ජංගම උපාංග වල භාවිතා වේ.  Download Here

තවත්  Web Browser ගණනාවක් ඇත. නමුත් ඒවා අතරින් ඉහත  Web Browser ප්‍රධාන කොට සලකයි.

හිතට ගන්න........
1. වෙබ් සම්මතයන් (Web Standards) සමග කටයුතු කිරීම තුලින්  Web Browser මගින් නිවැරදිව වෙබ් පි‍ටුව rend කිරීම සහතික විය හැක. (ඉදිරියේදී සාකච්ඡා කෙරේ)
2. ඔබේ වෙබ් පි‍ටු  Web Browser  ගණනාවක Test කරන්න.

බලාපොරොතුවෙන් ‍රැදීසිටින්න............
Image Sources - A B C D E F 

Sunday, May 20, 2012

ඇරඹුමම කඳුලක් නොවීමට වගබලා ගමු.............


වෙබ් අඩවියක් නිර්මාණයට කලින් ඔබ සපුරා ගත යුතු අවශ්‍යතා කීපයක් මා මේ මගින් පෙන්වා දෙන්නම්.

ඔලුව උඩින් පත්තුවන බලුප් එකක්

1. වෙබ් නිර්මාණකරණය ඉගෙන ගැනීමට ඇති නොසංසිදෙන ආසාව.
2. ලත් තැනම  ලොප් කර නොදමා ඉදිරියට යාමට ඇති ආත්ම විශ්වාසය
3. නිර්මාණශීලීත්වය
4. ක්‍රියාත්මක තත්වයේ ඇති ඉදිරියටද එලෙසම පවතීයැයි විශ්වාස කල හැකි පරිගණකයක්.
5. පරිගණකය භාවිතය පිළිබඳ මූලික දැනුම.

අතිශය නවීන පරිගණකයක්

ඔබ සතුව පැවතීම අපට ප්‍රමාණවත්ය.......

බලාපොරොතුවෙන් ‍රැදීසිටින්න............
Image Sources - Google image results
                               01
                               02

සාරාංශය......................



වර්ථමානයේ අන්තර්ජාලය ගැන නොදන්න කෙනෙක් නෑ. අපේ සීයලා පවා දැන් 365 දවසෙම FB chat තමා කොරන්නේ. 
සීයා FB chat එකකට සෙට් වෙලා

අපේ මිනිස්සු ඔවුන්ගෙ අදහස් දක්වන්න, නොදන්න දෙයක් ගැන සොයල බලන්න, යාලුවො ඇසුරු කරන්න, සල්ලි හොයන්න වගේ ගොඩක් දේවල් වලට අන්තර්ජාලය භාවිතා කරනව. වැඩිය ඕනෙ නෑ email, google, facebook වගේ වචන පාරෙ හිටියත් අපට දවසකට එකසිය එක් වාරයකට වඩා ඇහෙනව නේද?
ඉතින් මේ වාගේ ගොඩක් බලසම්පන්න සේවයක් වගකීමෙන් භාවිතා කිරීම ගැනත් අපි හොදට හිතට ගන්න ඕන (Great Power comes with Great Responsibility)......
හරි කොහොම හරි කමක් නෑ අපි කතා කරමු කොහොමද වෙබ් අඩවියක් නිර්මාණය කර එය දියත් කරමින් පවත්වාගෙන යාම පිළිබඳව.

අපේ සාකච්ඡාවේ සාරාංශය.....

  • වෙබ් පි‍ටු සැකසීම - HTML (Hyper Text Markup Language) නම් නිල වෙබ් භාෂාව භාවිතයෙන් වෙබ් පි‍ටුවේ සැකිල්ල තැනීම.
  • වෙබ් පි‍ටුවට හැඩ වැඩ දැමීම - CSS (Cascading Style Sheet) කේත මගින් වෙබ් පි‍ටුවේ සැකිල්ලට මාංශපේශි එක්කර වෘත්තීය නිමැවුමක් බවට පත් කිරීම.
  • වෙබ් පි‍ටුවට පණ පෙවීම - JavaScript කේතයන් මගින් පරිශීලකයා වෙබ් පි‍ටු සමඟ ගනුදෙණු කරන ආකාරය එම පි‍ටුවේ උපාංග වල ක්‍රියාකාරීත්වය සැකසීම.
  • සමාජ ගත කිරීම- වෙබ් පි‍ටුව අන්තර්ජාලයට එක් කිරීම.
  • පිරිස ගෙන්වා ගැනීම - සෙවුම් යන්ත්‍ර මගින් තොරතුරු සොයන පරිශීලකයන් වෙත ඉක්මනින් ඔබේ වෙබ් අඩවිය ලඟා කරවීම. (SEO - Search Engine Optimization)
  • වෙබ් මෘදුකාංග තැනීම - වර්ථමානයේ බොහෝ වෙබ් අඩවි සාම්ප්‍රදායික මාවතෙන් බැහැරව web applications ලෙස ක්‍රියාකරයි.

බලාපොරොතුවෙන් ‍රැදීසිටින්න............

Image Source - Google image result

Tuesday, April 17, 2012

ආරම්භක සටහන




ආයුබෝවන් යාලුවනේ!
අද තමයි මේ blog එකේ වැඩ මම පටන් ගත්තෙ. මේ Blog එක ආරම්භ කරන්න මට හිතුනෙ web design & development ඉගෙන ගන්න පටන් ගත්ත මුල් දවස් වල. නමුත් ඉඩක් කඩක් තිබුනෙ නෑ. කොහොම කොහොම හරි කමක් නෑ ඔන්න මම වැඩේ පටාන් ගත්ත.
මේ Blog එක මම පටන් ගත්තෙ සිංහලෙන්  web design & development ඉගෙන ගන්න තියෙන සම්පත් අන්තර්ජාලයෙ අඩුයි කියල මට හිතුන හින්ද. හරි මම මුලින්ම අපේ Blog එක ආරම්භ කිරීමේ අරමුණු දක්වන්නම්,
1. තනිව ඉගෙන ගන්න කැමති ඔබට උපරිම සහයෝගය ලබාදෙන්න.
2. අපි දන්න දේ ඔබත් එක්ක බෙදා ගන්න
3. web design & development  ගැන අපි ඔබ අතර සාකච්ඡාවක්/කතිකාවක් ඇති කරන්න.
4. නවීන web design & development  තාක්ෂණයන් ශ්‍රීලාංකිකයන් අතර සමාජගත කිරීමට.
මෙන්න මේ කරුණු තමයි අපේ ප්‍රධාන අරමුණු.
එහෙනම් යාලුවනේ අපි ඉදිරියට එකතුවෙලා වැඩ කරමු. කාටත් ජයෙන් ජය.
ප.ලි:- යාලුවනේ දැනුම ඕන තැනක තියෙනව, ලබා ගන්න හරිම ලේසියි ඒත් නිර්මාණශීලීත්වය...............................  ????