වෙබ් පිටු සැලසුම් කිරීම හා
නිර්මාණය කිරීම වෙබ් අඩවි නිර්මාණකරණය ලෙස සරලව පෙනුනද මෙය තුල විශාල විශය
පථයක් අන්තර්ගත වෙයි. පහත දැක්වෙන Google සෙවුමෙන් ඔබට වෙබ් අඩවි
නිර්මාණකරණය පිළිබදව එකිනෙකට යම් තරමක් වෙනස් අර්ථකථනයන් සොයා ගත හැකිය.
නමුත් ඉහත දක්වූ සරල නිර්වචනය තවත් කරුණු කිහිපයක් එක්
කිරීමෙන් පසු පහත පරිදි වඩාත් පුලුල්ව දැක්විය හැකිය.
යම් විශයයක් පිළිබදව තොරතුරු දැක්වීම සදහා වෙබ් පිටු සැලසුම් කිරීම හා
නිර්මාණය කිරීමත්, අවසන් පරිශීලකයාට භාවිතා කල හැකි පරිදි අන්තර්ජාලය ඔස්සේ
පරිශීලකයාගේ වෙබ් අතිරික්සුවේ දැක්වීමත් වෙබ් අඩවි නිර්මාණකරණය ලෙස පුළුල්ව
දැක්විය හැකිය.
වෙබ් අඩවි නිර්මාණය (Web Design) යනු විශාල පරාසයක්
සහිත විශය පථයකි. වෙබ් අඩවියක භාහිර පෙනුමේ සැකසීමේ (Frontend) සිට එහි අභ්‍යන්තර
කාර්යයන් (Backend) සිදු වන පරිදි වෙබ්
යෙදවුමක් (Web Application) දක්වා සිදුවන සියළු
කාර්යයන් මෙයට අයත් යැයි ඇතැමුන් සිතයි. එබැවින් නිශ්චිතව කුමන කුසලතා ප්‍රභුන කල
යුතු දැයි කීම කල නොහැකි කරුනකි.
නමුත් බොහෝ විශයයන් වලදී මෙන් ඔබේ අවශ්‍යතාවය
අනුව, ඔබේ අනාගත බලාපොරොත්තුව අනුව ඔබ ලබා ගත යුතු දැනුම හා කුසලතා තීරණය කල
හැකිය.
කෙසේ නමුත් සෑම වෙබ් අඩවි නිර්මාපකයකුම ලබා ගත යුතු
මූලික කුසලතා කිහිපයකි.
HTML,CSS,JavaScript යනු වෙබ් අඩවි තැනීඇති
මූලික කොටස්ය. ඒවා පිළිබද දැනුම ලබා ගැනීම ඔබේ ලබා ගත යුතු කුසලතා ලයිස්තුවේ අත්‍යාවශ්‍යම
අංග විය යුතුය.
සෑම වෙබ් පිටුවක්ම ඉහත සදහන් මූලික තාක්ෂණයන්ගෙන් (HTML,CSS,JavaScript) නිමවී ඇති අතර ඇතැම්
විට වෙබ් අඩවිය තුල දත්ත රැස්කිරීම හා තොරතුරු ප්‍රතිදාන කාර්යයන් සදහා බොහෝ
සංකීර්ණ තවත් තාක්ශණයන් (PHP,Python,Ruby,SQL) භාවිතා කරයි. එබැවින් වෙබ් පිටුවක් නිවැරදිව
කේත කිරීමට ඉගෙනීම මූලික කුසලතාවයකි.